Slide # 1

Slide # 1

The McLaren P1 is a limited production plug-in hybrid sportscar by British automotive manufacturer McLaren Automotive Read More

Slide # 2

Slide # 2

The Land Rover Defender is a British four-wheel-drive off-road utility vehicle developed from the original Land Rover Series launched in 1948. In October 2013 Land Rover announced that production would end in December 2015, after a continuous run of 67 years Read More

Slide # 3

Slide # 3

The BMW i8 is ready to revolutionise its vehicle class.The strength of the plug-in hybrid lies, among other factors, in the perfect synchronisation of electric motor and combustion engine Read More

Slide # 4

Slide # 4

Mercedes AMG High Performance Powertrains is a British Formula One engine manufacturer, owned by Mercedes-Benz. Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

PaidVerts

Friday, June 19, 2015

Top 5 Android Mobile Photo Edit Applications

සුභ දවසක් යාලුවනේ..! මම අද හිතුව පොඩි රහසක් කියල දෙන්න.සමහර විට Android phones තියෙන ගොඩක් යාලුවො මේක දන්නවත් ඇති, ඒ අයට මේ ඇප්ස් ටික වැදගත් වේවි.


ගොඩක් කෙල්ලො Facebook එකේ දකිනකොට පට්ට ලස්සනයිනෙ.සුදු වෙලා, ලස්සන වෙලා තිබ්බ ඩස්පි ගතිය අහලකවත් නෑනෙ. ඒත් පහුවදා පාරෙදි දැක්කම හිටිය වගේමයි පට්ට කැතයි, තිබ්බ ඩස්පි ගතිය එහෙමමයි. අපෙ උන්ට මේක මාර ප්‍රස්නෙ,
මේකනෙ සීන් එක මුන් Phone එකෙන් පොටෝ එක ගහල photo edit application එකක එ්ක දාලා පතුරු ගහනවනෙ, කොටින්ම කිව්වොත් Android mobile Beauti Saloon එකක්,

ඔන්න Nu1NXPress උදේම පොඩි බයිලෙකුත් ගැහුව.හරි දැන් අපි වැ‍ඩේට බහිමු.
මේ තියෙන්නෙ දැන් තියෙන සුපිරිම PhotoEdit Application  ටික.ඔයාලට දැන් පුලුවන් මේවා PlayStore Apps උනාට මැෂින් එකටම Download කරගන්න. මතකයි නේද මම කියල දුන්න,අමතකයි නම් මෙතනින් ගිහිල්ල බලන්න

















ඔන්න දැන්න ඉතිං කොල්ලො අපිත් කෙල්ලොන්ගෙ පඩ ෂෝ බලන්න ඕනි නෑ. දාපල්ල මචං සුපිරියට Edit කරල phots.

 ආයෙත් දවසක එන්නම් සුපිරිම වැඩ කෑල්ලක් අරගෙන..................
යාලුවන්ටත් Share කරන්න.......

Thursday, June 18, 2015

Website එකක් save කරගන්න නියම විදිය

ඔන්න අදත් මම ආවා සුපිරි වැඩ කෑල්ලක් අරගෙන,ගොඩක් කාලෙකින් මෙහෙම එක දිගට පෝස්ට් දාන්න පුලුවන් උනේ, මම City & Guilds Automobile Engineering කලා, ඒ නිසා ඒකට හිර වෙලා හිටියෙ, යාන්තම් ඇති exam ගිය සතියෙ ඉවර වුනා.

හරි දැන් අපි වැඩේට බහිමු.
අද මම කියල දෙන්නෙ Webpage එකක් PDF එකක් විදියට save කරගන්නෙ කොහොමද කියල,

ඕගොල්ලො දන්නව ඇති Webpage එකක් save කරගත්තම Folder එකකුයි page එකයි 2ක් save වෙනව.සමහර වෙලාවට අපිට අමතක වෙලා folder එක delete කලාම page එකත් delete වෙලා. ඒ නිසා කරදර ගොඩකට මුහුණ පාන්න වෙනවා.අනිත් එක PDF එකක් විදියට කරගත්තම පස්සෙ වෙලාවක 
අපිට එකේ තිබෙන දේවල් කියවන්න ඕනි නම් ගොඩක් පහසු වෙනවා. 

හරි මුලින්ම මම මේ දීල site තියෙන එකට යන්න
                 
                     මෙතනින් යන්න

ඊට පස්සෙ ඔයලට මේ වගේ window එකක් පෙනෙයි


දැන් ඔයාලට PDF එකක් විදියට save කරගන්න ඕන webpage එකේ link එක copy කරගෙන ඇවිත් ඉහත පෙනෙන box එකේ paste කරන්න.ඊට පස්සෙ convert to PDF කියන button එක ඔබන්න.
දැන් මේ වගේ page එකක් open වෙයි.Download PDF කියන button එක click කරල PDF එක ඔයාලගෙ පරිඝණකයට Download කරගන්න.


එහෙනම් මම ගිහින් එන්නම් ආයෙත් දවසක අලුත් වැඩ කෑල්ලක් අරගෙන..................

Korean Samsung Phone ගැන ගන්න කලින් දැනගනිමු

SAMSUNG ORIGINAL KOREAN දුරකතනයක් හඳුනාගන්නේ කෙසේද?
ශ්‍රි ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත් ගොඩක් අයට Samsung Korean  version දුරකතන ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය හිතන්නේ කියන්නේ Korean version, International version එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version එකට Anycall කියලත් කියනවා.

දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා


මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක් තියෙනවා.
Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්, දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.

International version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්,
GT-iXXXX
Korean version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්
SHW-MXXX/ SHV-EXXX
US/Canada version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්
SGH-iXXX
Japan version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්
SC-XXX
මේ හැම එකක්ම original Samsung . ඒත් අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version විතරයි Original කියලා.

South Korean වල Network provider company 3 ක් තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel, Airtel, Hutch, Etisalat වගේ).
ඒ company තුනෙන්ම තමයි ජංගම දුරකතන දෙන්නෙත්. මොනවද ඒ company????
SK Telecom
Korean Telecom
LG U+ Corporation



SK Telecom company එකෙන් තමයි Anycall (ශ්‍රි ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි)
දුරකතන නිකුත් කරන්නේ







Korean Telecom compnay එකෙන් තමයි Olleh දුරකතන නිකුත් කරන්නේ







LG U+ company එකෙන් තමයි LG U+ දුරකතන නිකුත් කරන්නේ








බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට මේ කියන Anycall, Olleh, LG U+ logo එක display වෙනව.
Anycall
Olleh
LG U+
සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක තියෙනවා (උදා: Samsung Galaxy S2)
එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S තියෙන්නේ Anycall , K තියෙන්නේ Olleh , L තියෙන්නේ LG U+ .
Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV කියලා එන ඒවා පමණයි.

3G තියෙන ඒවා SHW වලිනුත්, 4G Lte තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.
උදාහරණ
S >>> SHW-M110S
S2 >>> SHW-M250S, SHW-M250K
S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-E110L
S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-E120L
S3 >>> SHW-M440S, SHW-M440K
S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-E210L
S4 Lte >>> SHV-E300S, SHV-E300K, SHV-E300L
S4 Lte-A >>> SHV-E330S
Note Lte >>> SHV-E160S, SHV-E160K, SHV-E160L
Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-E250L

ඉතාම වැදගත්:
SHW හෝ SHV වලින් Model no. පටන් ගන්නේ නැතිනම් එක original korean version එකක් නෙවෙයි.Original Korean දුරකතනවල Ariel එකක් තියෙනවා. Ariel එක Original Korean එකක් හඳුනාගන්න
තියෙන හොඳම ක්‍රමයක්.Original Korean දුරකතනවල බැටරි එක අයින් කලාම housing එකේ අලවලා තියෙන sticker එක Korean භාෂාවෙන් තියෙන්නේ. අපිට කියවා ගන්න පුලුවන් ඉලක්කම් විතරයි.Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න. අපේ රටේ තේ බොන විදියට නෙවෙයි කොරියානුවෝ phone හදන්නේ. ඒ කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea) නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත් කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones තමයි හදන්නේ.

අපේ රටේ තියෙන international version දුරකතන හදන්නේ China හෝ Vietnam වල. Chinese නිෂ්පාදන ගැන ඉතින් අපේ අයට අමුතුවෙන කියන්න ඔනේ නැහැනේ.ප්‍රවේසම් වෙන්න.

අද ලංකාවේ S4 එකයි, Note3 එකයි brand-new කියලා 15,000-20,000 විකුණන්න ඕන තරම් ads දාලා තියෙනවා ikman.lk එකෙයි, Facebook groups වලයි. අපේ අයත් ඕන තරම් දැකල ඇතිනේ.

ඒවා විකුණන්නේ "Made by Samsung by Korea" හෝ "Made by Samsung by Vietnam" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ Korean වලවත්, Vietnam වලවත් නෙවෙයි, China වල.මේවා Original දුරකතන නෙවෙයි බාල Copy (Replica).

ගොඩක් වෙලාවට ව්‍යාජ අනුකරණ ඒවායේ මිලෙනුත් අපිට හදුනාගන්න පුලුවන්.මොකද Galaxy S5 වගේ original phone ‍එකක් රු 12000 ට වගේ ගන්න තියෙනව කීවොත් හීනයක්නෙ...

මම හිතනව අද ඔයාල ගොඩක් දේවල් දැනගන්න ඇති Korean Phone ගැන.මම ගිහින් එන්නම්,ආයෙත් දවසක අලුත් දෙයක් අරගෙන එන්නම්...........

Monday, June 15, 2015

Google PlayStore Application ඔබේ පරිගණකයට Download කරගන්න

ඔන්න අද මම ගෙනාව සුපිරි වැඩ කෑල්ලක්, දැන් ඉතින් ඉස්සර වගේ Phone එකේ E mail ගහ ගහ දුක් විදින්න ඔන නැහැ.මේකෙ වටිනාකම කියන්නෙ ඔයාලට ඕන Application එකක් මැෂින් එකට Download කරල Save කරල තියා‍ගන්න පුලුවන්


තවත් වැදගත් කාරණයක් තමයි Nokia X, NokiaX2, වගේ Android Phone වලට Root නොකර Google Playstore එකට  යන්න බැහැ. ඉතින් මේ විදියට ඒ Phone වලටත් Application Download කරලා දාන්න පුලුවන්

හරි, වැඩි බයිලා ඔන නැහැ Nu1NXPress කොහොමත් බොරැ බයිල නෑනේ, ගින්දර වගේ වැඩ'

මුලින්ම මැෂින් එකෙන් Google Playstore එකට යන්නකෝ ඔන්න link එක


                                                Google PlayStore

දැන් ඔයාලට Download කරන්න ඔින Application search එක කරල ඒකෙ link එක copy  කරගන්නකො


හරි ඊට පස්සෙ මම පහල දීල තියෙන link එක clik කරල මේ site එකට යන්නකෝ. ඊට පස්සෙ පිනතූරයේ තියෙන විදියට Box එකක් තියෙයි. ඔයල කොපි කරගත්ත Playstore link එක එතන paste කරලා Generate Download Link කියන Button එක ඔබන්න

                                                        මෙතනින් යන්න


දැන් ඔයාලට පෙනෙයි පහල තිනෙව වගේ Window එකක්. එතන කියල කොල පාට button එක Click කරන්න Application එක ගින්දර වගේ වෙයි.


දැන් ඔයලට දකින්න පුලුවන් apk කියන format එකෙන් ඔයලට ඕන application එක, හැබැයි  ඒක මැෂින් එකේ නම් run වෙන්නෙ නැහැ. පස්සෙ දවසක මම කියල දෙන්නම් මැෂින් එකේ කොහොමද කරන්නෙ කියලත්,

ආයෙත් දවසක අලුත් වැඩ කෑල්ලක් අරගෙන ඔයාල ලගට එන්නම්.........

ගේමක් නැතිව ඕනිම දෙයක් download කරන්න දැන් IDM ඕන නැහැ

මෙන්න ගෙනාව මෙ දවස්වල සුපිරිම downloader එක අර ඉස්සර වගේ crack කරන්න register කරන්න ඕනිම නැහැ
හරි වැඩි කතා ඕනි නැහැ දැන් වැඩේට බහිමුකො
                                                                                 
ලොකු capacityak නැහැ බයවෙන්න එපා
මුලින්ම මෙතනින් ගිහින් download කරගන්නකො

  DOWNLOAD

දැන් ඉන්ස්ටෝල් කරල බලන්න IDM වගේ දුක් විදින්න ඕන නැහැ Expire වෙන්නෙත් නැහැ


Wednesday, December 11, 2013

වැඩ කරන්නෙ නැති Hard Drive එක නැවත පන ගන්වමු

Hard Drive එකක සාමාන්‍ය ආයු කාලය අවුරැදු දහයක් විතර, ඒ නමුත් තමා එය පරිහරණය කරන ආකාරය අනුව මෙය අඩු හෝ වැඩි විය හැකියි. ඉතින් අද මම කියල දෙන්න යන්නෙ වැඩකරන්නෙ නැති HDD එකක් කොහොමද නැවත යථා තත්වයට ගන්නෙ කියලා, මෙකට ක්‍රම දෙකක් තියෙනවා,


මම මුලින්ම  කියන්න ඕන දෙයක් තමයි HDD එකෙ දෘඩ තටි වලට හානි නොවී තිබෙන  එකකට තමයි මෙ ක්‍රම ගලපෙන්නෙ,

1. HDD එකෙ Logic Crad(Circuit Board)එක මාරු කිරීම


මෙසේ කලහැක්කෙ HDD එකෙ Logic Card දෝශයක් අැති වූ විට පමනි,  කලයුත්තෙ HDD එක ගෙන එහි Logi Card එක පරිස්සමින් ගලවාගන්න ,ඉන් පසු ඔබ ලග ඇති හොද Logic Card එක නැවත සවි කරන්න, මේ සදහා එම Logic Card එකෙ වර්ගයේම එකක් විය යුතුය.



2.ශීතකරණයේ තැබීම


විශේශයෙන් මෙය කිරීමට් ප්‍රථමව ඔබගේ HDD එක හොදින් ආවරනය කල යුතුය. ඒ සදහා ඉටි මල්ලක් හෝ හොදින් Seal වන ප්ලාස්ටික් කවරයක් යොදා ගත හැක.මුලින්ම මම ඉහත කී ආකාරයට් ඔබගෙ HDD එක ආවරනය කරගන්න. ඉන්පසු ඔබගේ නිවසෙ ඇති ශීතකරනයේ යට් කොට්සේ පැයක් පමන එය තබන්න.ඉන් පසු ඉවතට් ගෙන නැවත පරිගනකයට් සවි කර බලන්න, ඔබගේ HDD එක යථා තත්වයට්  පැමින තිබේවි..

Tuesday, December 10, 2013

තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පල දුන් පුර්වයේ කරන ලද කර්ම 12

තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පුර්වයේ කරනලද කර්ම 12ක් බුදුවූ පසුද විපාක දුන් බව,එක්තරා දිනක හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් හික්ෂුන් හමුවේ වදාළ සේක.පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව එය මෙසේය,


1.සුන්දරී පරිබ්‍රාජිකාව විහාරයට එනයන ගමන හේතුවෙන් විශාල අපවාදයක් ගොඩනැගින, මීට හේතුව නම් පෙර මුනලීදුර්තකව සිටියදී සරබූ නම් පසෙ බුදුරජුන්ට කල දෝෂාරෝපණය විය

2.පෙර ලොවපහල වූ සබ්බාබිබු නම් බුදුරජුන්ගෙය් නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමබෝගියා ලෙසින් දොස්නැගීම තුලින් සරාසංඛ්‍යෙ කල්ප ලක්ෂයට පෙරකළ කර්මය බුදුවූ පසු මෙසේ විපාක දුනි,බඩදරු අම්මා කෙනෙකු ලෙසින් පැමිණි චිංචිමානවිකාව හේතුකොට මහත් අපවාදයකට ලක්විය,

3. පසු කලෙක සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ලග වලලා බුදුරජුන් ඇයව දුෂණය කොට මරා සගවන ලද්දෙය් යයි දැඩි දෝෂාරෝපණයක් පැන නැංවීය,එය සති 7 වනතුරු පැවති පසුව සත්‍යය එළිවිය,පෙර බවයේ භීම නම් සෘෂින් වහන්සේට බැණ වැදීම හේතු විය,

4.වස්තු තණ්හාවෙන් බෝසතාණන් වහන්සේ තම සොහොයුරා කන්දකින් පහලට තල්ලුකර ගලක් ද පෙරලා මරා දැමුවේය,මීට සසරෙහි බොහෝ දුක්විද අවසනයේ බුදුවූ පසු දෙව්දත්තෙර ගල්පෙරළු පසු ගල් පොත්තක් වැදී තුවාල විය,

5.බෝසතුන් දිනක් කුඩා ලමයකුව සිටියදී පසේ බුදු කෙනෙකු දැක ගලකින් ගැසිය,මෙයට විපාකය බුදුවූ පසුවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නැසීමට දෙව්දත්තෙර දුනුවායන් යෙදවිය බව දත යුතුය,

6.පෙර භවයක බෝසතුන් ඇත්ගොව්වකු ලෙස සිටියදී පසේ බුදු කෙනෙකු දැක දුෂිත සිතින් මැරීම සදහා ඇතා මෙහෙය වීය එය සාර්ථක නොවිය,පහත් සිතින්
කල කර්මය නිසා බුදුවූ පසු මත් වූ නාලාගිරි ඇතුන් පැමිණෙන්නට හේතුවිය,

7.දෙව්දත්තෙර පෙරළු ගල් තුලින් ගල්පතුරක් විත් ස්රිපතුලේ වැදී මාපටගිල්ල තැලී ලේ කැටිගැසින. පසුව ජීවක තුමා එය සුවපත් කළේය,මෙසේ ශ්‍රීපතුල පලන්නට සිදුවුයේ,පෙර භවයේ ප්රුතුවිශ්වර රජාව සිටියදී මිනිසකු මරවන ලද පවිනි, 

8.තිලෝගුරු බුදුරජාණන් වහන්සේට තිබු සුව නොවන හිසරදයට හේතුවනම් පෙර කෙවුල් පවුලක ඉපිද තම ඥාතින් බොහෝ මාළුන් ගොඩ දා තිබෙන දැක සතුටු සිනා පල කෙරීම නිසා විය,

9. තිලෝගුරු බුදුරජාණන් වහන්සේට දොළොස්වන වස්කාලයේ දී දානය නොලැබී ගොස් අශ්වයන්ට දෙන යවහාල් වලද ජීවත් වන්නට සිදුවිය, හේතුව නම් පුස්ස බුදුරජාණන් වහන්සේට " ඔබවහන්සෙ මෙය ප්‍රනීත ඇල්හාල් වලදනාවට වඩා යවහාල් වැලදුවනම්" ලෙස දොස් නැගීමෙ විපාකය විය,

10.තථාගතයන් වහන්සේට සුවනොවන කොන්දේ හි ආබාධයක් තිබිණි මෙය ධර්ම දේශනා කරන අතරතුර පැන නැංවුන විට දී සැරියුත් හිමිට එය පවරා විවේක ගන්නට වඩින බව සදහන්වෙ,හේතුවනම් පෙර භවයේ මල්ලව පොර යෝධ‍යෙකුව සිටි අවදියේ විරුද්ධවාදීන් පැමිණි විට ඔවුන් ගෙය් කොන්ද කැඩුව නිසාවෙනි,

11.බුදුරජුනට වැළදුන "ලොබිත පක්කන්දිකා" ( ලේ අතීසාරය) රෝගයට හේතුවනම් පෙර භවයේ වෙදමහතෙකුව සිටියදී සිටුවරයෙකුට බෙහෙත් කර නියමිත මුදල් නොගෙවූ නිසා විරේක බෙහෙත් දී පසුව නියමිත මුදල් ලැබුපසු සුව කළේය,

12.බුදු වීමට සය අවුරුද්දක් දුක්විදීමට සිදුවුයේ පෙර ආත්මයේ ජෝතිපාල නම් මානවකයා ලෙස සිටියදී ගටිකර බමුණා සමගින් කාශ්‍යප බුදුන්ට දොස්කීමේ විපාකය විය,

බුදුන් සැම බලයකින් ඉහල තලයේ සිටිවිට මෙසේ වුනි නම් පෘතග්ජන අප ගැන කවර කතා ද.. එය එසෙය් වුවත් යහපත් ජීවිතයක් ගත කරන්න සියලු දෙනාට තුනුරුවන් සරණයි...!

-උපුටාගැනීමකි-