එදා මෙන්ම අදත් පිරිත් දේශනා අවස්ථාවලදීී අටානාටිය සූත්‍රය දේශනා කරන අවස්ථාව කාගේත්
විශේෂ අවධානයට භාජනය ලක් වේ. එයට හේතුව බොහෝ පිරිස් අතර මෙම සූත්‍රය දේශනා කරන විට
නිවසේ සිටින අමනුෂ්‍ය කොටස් ගෙන්වා එළවනවා යැයි මතයක් පැවතීමයි.
මේ නිසා කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා එම වෙලාවේදී එළියට පහළියට බසිනු දක්නට ලැබෙනුයේ ඉතා කලාතුරකිනි.
සැබවින්ම මෙම සූත්‍රය තුළින් කියවෙන්නේ යකුන් එළවීමක් ගැනද යන්න විමසා බැලීම ඉතා වැදගත් වේ. මෙහිදී මෙම ප්‍රශ්නයට විවිධ විද්වතුන් දැක්වූ අදහස් මෙහි දැක්වේ.
- ඇරැව්වල සුධම්ම හිමි
කාටද මේ ආටානාටිය කියන්නේ, ආටානාටියෙන් විස්තර වන්නේ් කවුරු ගැනද? දැන් උදහරණයක් විදිහට
කිව්වොත් යක්ෂයෝ ගැන, යක්ෂණියෝ ගැන, යක්ෂ පෝතක පෝතිකාවෝ ගැන, ඒ කියන්නේ කුමර
කුමරවරියෝ ගැන කුම්භාණ්ඩයෝ ගැන වගේ විවිධාකාර කොට්ඨාස ගැන තමයි සඳහන් වෙන්නේ.
දෙවනුවට එදා රාත්‍රීයේ අටානාටිය දේශනා කළාට පස්සේ දෙවැනි දවසේ මොකද වෙන්නේ .
බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කථා කරලා දේශනා කරනවා මේ ගිජ්ජකූට පර්වතය ආසන්නයේ
ඉන්න සියලුම භික්ෂූන් මෙතැනට කැඳවන්න කියලා. ආනන්ද හිමියන් සියලුම භික්ෂුන් වහන්සේලා
කැඳවනවා. එසේ කැඳ වූ පසු බුදුහාමුදරුවෝ දේශනා කරනවා ඊයේ රාත්‍රියේ සතරවරම් දෙවිවරුන් මා
හමුවීමට ආවා. මට ඔවුන් මෙන්න මේ කාරණය කිව්වා කියාල අර පළමු කොටස් ටික ඒ විදිහටම කියනවා.
යම් හේතුවකුත් තියෙනවා. මොකක්ද උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී සිව්වනක් පිරිසට ධර්මයට අකමැති
අමනුෂ්‍ය කොට්ඨාස විසින් පීඩාවක් කරන්න පුළුවන්. හිංසාවක් කරන්න පුළුවන්. ආවේශ වෙන්න පුළුවන්.
ආවේශ වෙලා හිංසා කරන්න පුළුවන්. ආවේශ වෙලා තැනකින්තවත් තැනකට රැගෙන යන්න පුළුවන්.
එවැනි දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ අයගේ ආරක්ෂාව සඳහා මේ ආටානාටිය භාවිතා කරන්න
කියලා දේශනා කළා.
මහණෙනි, මේ ආටානාටිය සත්‍යයක්. ඒ නිසා ඔබ ඉගෙන ගෙන මේ ආටානාටිය සූත්‍රය පුරුදු කරන්න.
නැවත නැවතත් පුරුදු කරන්න. එවැනි අවස්ථාවලදී භාවිතා කරන්න කියලා තමයි අනුශාසනා කළේ.
එහෙත් මෙය ඇතැම් විට අපේ අය වැරදියට තේරුම් ගන්නවා. පළවෙනි කොටසේදී යක්කු ගෙන්වනවා
කියලා කියනවා. දෙවැනි කොටසේදී යක්කු එළවනවා කියලා කියනවා.
ඉතින් යක්කු එළවන්න අවශ්‍ය වන්නේ නැහැ ගෙන්නුවේ නැත්නම්. ඒ නිසා මේ සූත්‍රය සම්බන්ධව අපේ
ජන සමාජයේ තියෙන්නේ් වැරදි ආකල්පයක්.
ඊළඟට අපේ සිංහල භාෂා ව්යවහාරයෙනුයි ඉතිහාසයෙනුයි තර්ක කරන අය කියනවා ලංකාවේ සිව්
හෙළයේ සිටි යක්ෂ, රාක්ෂ නාග, අසුර කියන මෙන්න මේ අයගෙන් යක්ෂ කියන කොටස තමයි මේ
යක්ෂ යනුවෙන් හඳුන්වන්නේ කියලා. එය වැරැදිියි.
එය වැරදි වීමට හේතුව වන්නේ ආටානාටිය සූත්‍රයේ පැහැදිලිවම කියනවා ‘ඉත්ථි වාහනං කත්වා’
පුරිසවාහනං කත්වා’ යනාදි වශයෙන් කරුණු කිහිපයක්. එතකොට ඉත්ථි වාහනං කත්වා’ කියලා කියන්නේ
ස්ත්‍රියක් වාහනය කොට ගෙන කියන එක. පුරිසං වාහනං කත්වා’ කියලා කියන්නේ පුරුෂයකු වාහනය
කොටගෙන කියන අර්ථයයි. හස්ති වාහනං කත්වා කියලා කියන්නේ ඇතෙකු වාහනය කොට ගෙන කියන
එක. අශ්වවාහනං කත්වා කියලා කියන්නේ අශ්වයකු වාහනය කොට ගෙන කියන කරුණයි. අන්න ඒ
අයුරින් යක්ෂයෝ වාගේ අය මනුෂ්‍යයෙකුට ආවේශ වෙනවා. වාහනයකින් කරන්නේ තැනකින් තැනකට
යන එකනේ.
වාහනයකින් කරන්නේ තමන්ගේ කටයුතු සම්පූර්ණ කරන එක. මේ ඇතැම් යක්ෂයෝ මොකද කරන්නේ
පිරිමි අයට ආරූඪ වෙලා තමන්ට අවශ්‍ය දේවල් ඉටුකර ගන්නව. කාන්තාවන්ට ආවේශ වෙලා තමන්ට
අවශ්‍ය දේවල් ඉටුකර ගන්නවා.
එතකොට ඇතෙකුට ඇතින්නියකට අශ්වයකුට ඇරූඪ වෙලා තමන්ගේ කටයුතු කර ගන්නවා. මේ ආදී
වශයෙන් විවිධාකාර සතුන්ටත් ආවේශ වී ඔවුන්ගේ කටයුතු ඉටු කරගන්න උත්සාහවන්ත වෙනවා. මේ
ලංකාවේ වාසය කළ සිව්හෙළයට අයිති වන යක්ෂ කියන ගෝත්‍රයට නොවෙයි මේ ආටානාටිය සූත්‍රයේදී
කියන්නෙ කියන එක ඒකෙන් පැහැදිලි වෙනවා.
අපේ ඉතිහාසය පිළිබඳව තර්ත කරන අයත්, ඒ වගේම භාෂාමය පැත්තෙන් යක්ෂ කියලා ගෝත්‍ර කොටසක්
ඉන්නවා මේ කියන්නේ මේ අය ගැනයි කියලා කතා කරන අයත් මෙතනදී වරදවා වටහා ගෙන ඇති
බවක් පෙනෙනවා. මොකද ධර්මයේ දී යක්ෂ කියලා අමනුෂ්‍ය කොටසක් ගැන දේශනා කරනවා.
ඒ නිසා තමයි සංයුක්ත නිකායේ පළවෙනි පොතේදී යක්ෂ සංයුක්තයක් තියෙන්නේ. යකුන් සමඟ ධර්මය
සාකච්ඡා කරපු ඒ වගේම යකුන් සමඟ ඇතැම් අවස්ථාවලදී විවිධ සිද්ධීන්ට බුදුහාමුදුරුවොත් ශ්රාවකයොත්
මුහුණ දුන් අවස්ථා ගැන එහි සඳහන් වෙනවා. ආලවක කියන්නේ යක්ෂයෙක්.
අන්තිමේදී තෙරුවන් සරණ ගියා. හේමවත, සාතාගිරි, ඉන්ද්‍ර, වරුණ සෝභ වගේ අය ගැන ආටානාටිය
සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ අය ලංකාවේ හිටපු හෙළ වැසියෝ නොවෙයි. මේ අය යක්ෂයෝ, අමනුෂ්‍යයෝ.
වැරැදි වන්නේ සමහරු මේ ලංකාවේ හිටපු සිව්ගෝත්රයට අයිති යක්ෂ ගෝත්‍රය ගැනයි මේ සූත්‍රයෙන්
කියන්නේ කියන එක.
පරලොව ජීවිතයේ යහපතටත් හේතුවනවා
- සුමිත් ජේ. පෙරේරා
සභාපති, රාවන සවිය ජාතික සංවිධානය
ආටානාටිය නමින් සූත්‍ර දෙකක් අපට හමුවෙනවා. ඉන් පළමුවැන්න මහානුභාවසම්පන්න සතරවරම්
දෙවියන් විසින් බුදුරදුන්ට ප්‍රකාශ කළ සූත්‍රය. පසුව සම්බුදු රජුන් විසින් සිව්වනක් පිරිසටම දේශනා කළ
සුත්‍රය දෙවැන්නයි.
මේ දේශනාවෙන් පැහැදිලිවම පේනවා අද අප විශ්වාස කරන අප අදහන දේට වඩා වැඩියමක් මේ සූත්‍ර
දේශනාව තුළ ගැබ්වෙලා තියෙන බව. මා හිතනනේ ඒ පිළිබඳව සෙවීම , කතා කිරීම තමයි වැදගත්
කියලා. ඒ කෙසේ වෙතත් මේ සූත්‍ර දේශනාව කෙටියෙන් අර්ථය ගත්තාත් අපට පේන්නේ මෙහෙමයි.
යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ සහ නාග යන මහා පිරිසක් සමඟ ඔවුනට අධිපතිත්වය දරන සතරවරම්
දෙවිවරුන් සම්බුදුපියාණන් වහන්සේ වෙතට පැමිණිලා යම් අමනුෂ්‍ය පිරිසකගෙන් හෝ මේ කියන
පිරිසගෙන් හෝ සිව්වනක් පිරිසට යම් කරදරයක් හිරිහැරයක් වෙනවානම් එයින් ආරක්ෂා කරන්ට තමන්
ඇතුළු පිරිස බැඳී සිටින බවත්, එසේ උදව්වක් අවශ්‍ය නම් ඔවුනට හඬගා කියන ලෙසත් පැවසුවා. එසේ
කරපු ඉල්ලීමක් තමයි මේ තියෙන්නේ. එය පිළිගත්ත අපේ බුදුහාමුදුරුවෝ ඒ බව තම පිරිසට පැහැදිලි
කරලා දුන්නා. ඒ තමයි ඉතා කෙටියෙන්ම තිබෙන අදහස.
සතරවරම් දෙවියන් කෙසේ වෙතත් මේ මුළු සූත්‍රය පුරාම ප්රබලව පේන්නේ ‘වෙස්සවඟෝ මහරාජා කියන
නම තමයි. වෛශ්රමණ හෙවත් වෙසමුණි මහ රජිදාණන් ගැන තමයි එයින් කියවෙන්නේ.
ඒ සූත්රයේම කියනවා මහා බලසම්පන්න මේ සියලු නෑ පිරිසට අධිපති ගිරිදිවයිනට අරක්ගත් ඉතා
ලස්සන, ආලෝක ධාරාවක් නික්මෙන රජෙකු බව මේ වෙසමුණි රජතුමා. එපමණක් නොව ඔහුට තව
ආරූඪ නමක් නැතිනම් භාවිතා කළ විශේෂ නමක් ගැනත් සඳහන් වෙනවා. ඒ නම තමා ‘කුවේර’.
එහෙමනම් මේ විශාල පිරිසක් සමඟ පැමිණ සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කළ මේ පිරිසෙහි
ප්‍රබලයා ලෙස වර්ණනා වන්නේත් ‘කුවේර’ කියන දේව රජතුමායි.
තම සේනාවෙන් බෞද්ධයන් ආරක්ෂා කරන බව ප්‍රබල ලෙස සැලකරන්නේත් ඔහුයි. එසේ හැර
කොතනකවත් නැහැ. යක්ෂයින් එළවීමක් පිළිබඳව. ඒක අප විසින්ම නිර්මාණය කර ගත් සමහරවිට
පරපුරෙන් පරපුරට උරුම කරගත් සාවද්‍ය අදහසක්. බොරු මතයක් පමණයි. එහෙත් පැහැදිලිව කිව
යුතුයි. මේ සූත්‍රය සම්බුදුපියාණන් වහන්සේ දේශනා කරවා භාවිතා කිරීමෙන්, හඬ නඟා කියවීමෙන්
අනිවාර්යයෙන්ම අමනුෂ්‍ය දෝෂ දුරුවෙනවා. ඔවුන්ගෙන් ආරක්ෂාව සැලසෙනවා. මේ ජීවිතයේදීත්
පරලොව ජීවිතයේදීත් තමන්ට පිහිට පිණිස පවතිනවා කියන කරුණ.
අපේ රටේ ජීවත් වූ පිරිසක් හඳුන්වන නමක් තමයි ‘යක්ෂ’ කියන නම. ඒ පිරිස මහ සවිබල ඇති කාය
ශක්තිය ඇති රට වෙනුවෙන් ශ්‍රමය දායාද කළ බලසම්පන්න වූ මිනිස්සු. ඒ හෙළ දරුවන්ගේ් නම්
වැලෙහි ප්‍රබල තැනක් මේ ‘කුවේරට’ හිමිව තියෙනවා.
මේ සූත්‍රයෙන් කියවෙන ආලකමන්දාවේ, ගිරිදිවයිනේ තියෙන ලස්සන සත්තු, මල්වතු, වැව් පොකුණු
අපේ රටේත්, අපේ ආලකමන්දාවෙත් තියෙනවා. එය රාමායනය, මහභාරතය වගේ කාව්‍යවලත් අපේ
වංශ කථා වල මුල් පරිච්ජේදවලත් අපූරුවට විග්රහ කෙරෙනවා.
ඒ වගේම කුවේරට තමයි ලංකාවේ ආලකමන්දාවක් බිහි කිරීමේ ගෞරවය හිමි වන්නේ. ඔහු රාජ්‍ය
පාලනය කළේ මේ ආලකමන්දාවේ ඉඳළා. ඒ ආලකමන්දාව පර්වතයක් මුදුනේ පිහිටියාය කියලා තමයි
දැනට පිළිගැනීම. අපට පර්වතයක් මුදුනේ තියෙන දැනට හමු වී ඇති භාවිතයේ තියන එකම ජනපි්ැරය
ආලකමන්දාව තමයි ‘සීගිරිය’ ඒ පිළිබඳව විශාල පර්යේෂණ දැනුත් සිදුකෙරෙනවා නිහඬවම. ඒ පුලතිසි
පරපුරේ ආරම්භකයා තම නමින්ම තම වාස ප්‍රදේශය හඳුන්වා දෙමින් පුලතිසි පුර හෙවත් පොළොන්නරුව
අගනුවර කොට ගනිමින් ලක් දෙරණ පාලනය කළ පුලතිසි රජතුමාගේ පුත් විස්වස්. ඔහුගේ දෙටුපුත්
තමයි මේ වෙසමුනි හෙවත් කුවේරයන්. ඒ වගේම බිස්වස් හෙවත් විග්රවස් රජුගේ පුත් යක්ෂ ගෝත්‍රික
බිසවකට දාව මෙලොව ජනිත වූ වැඩිමහල් දරුවා තමයි මේ රාවන රජතුමා. ඒ අනුව ඔවුන් පුලතිසි
පරපුරේ එකම සහෝදරයත් වෙනවා. හැබැයි ‘ඉන්ද්‍රජිත්’ හෙවත් ඉන්ද්‍ර නමින් පුතෙක් හිටියෙ මේ කියන
කුවේරයනට නම් නෙමෙයි. කුවේරයන්ගෙන් බිහිවුණේ් ක්‍රි. ව. 2509 සිට ජීවත් වූ ‘නල කුඹිර’ විතරයි.
සක්විති රාජ ප්‍රාප්තියට පත් මහාරාවනයිනට තමයි මේ ඉන්ද්‍රජිත් නමින් පුතෙක් හිටියෙ.
මේ සියල්ලම පරීක්ෂා කරන විට අපට පෙනීයන එක් දෙයක් තියෙනවා. මේ සම්බුදු පියාණන් දකින්නට
පැමිණ ඇත්තේ අපේ පරපුරෙහි කෙනෙක්ය කියන එක. එය මටනම් මහා ආඩම්බරයක්. හැබැයි
මහාවංශය පමණක් හරි කියන සමබරව හිතන්නට බැරි පිරිසට මේ කතාව මහා කම්පනයක් ගෙන දේවි.
ඒත් සත්‍ය නම් කොතනදීත් එකයි.
අපට දහමෙහි උගන්වනවා සම්මුති මරණ හා ක්ෂණික මරණ කියලා දෙකක්.
කෙනෙකුගේ පේන්නට තියෙන ශරීරය උත්පාදයේ සිට විනාශය දක්වා යෑම තමයි අප මේ සම්මුතිය
ලෙස ගන්නේ. නමුත් ක්ෂණයක් පාසා ඇතිවෙමින් පැවතෙමින් විනාශ වන නැවත නැවතත් එසේ වන
ශක්ති ධාරාවක් අපේ කයේ මෙන්ම සිතෙත් තිබෙනවා. එය අපට නොපෙනුනාට සිත දියුණු කරපු
උත්තමයන්ට පේනවා. ඊට දීපු නම තමයි මේ ක්ෂණික මරණ කියන එක. ඒ අනුව බලනකොට මේ දැන්
පවතින සිත තමයි අපේ මේ ලෝකයේ පැවතිලා විනාශ වෙලා උප්පාද වෙන්නේ අනෙක් ලෝකයේ.
ඒ තමයි අපේ පරලෝකය. මේ පරලොව සැනසිල්ලේ තියාගෙන ඉන්නට නම් අපේ මේ සිත සැනසිල්ලේ
තියාගෙන ඉන්න ඕනෑ. ඒ සඳහා ඇති සරලම එහෙත් ගැඹුරු ක්‍රමවේදය තමයි ‘පංචශීලය’ එය රකින
කොට සිතත් එයින් සැනසෙනවා. ඒ සැනසිල්ලට බාධාකරන, පීඩාදෙන සිතිවිලි අප තුළින්ම හට ගන්නවා.
ඒ සිතිවිලි අපේ සිරුරට ආරූඪ වන්න පෙර ඉවත් කර ගන්න ඕනේ. ඒක මහා යුද්ධයක් වගෙයි.
සිතේ් සැනසිල්ල මකන සිතිවිලි යක්ෂ, පේ්ලරත, සිතිවිලි ලෙස ගත්තොත් ඒවායින් මිදීම හදාගන්නා
ක්‍රමය හා ඒවායින් මිදීම හදාගන්නා ක්‍රමවේදය තමයි පංචශීලය. මේ කරුණු පහෙන් සිත ගැට ගසා
ගත්තාම මිනිස් සිත දේව සිතක් බවට පත්වෙනවා. එවිට යක්ෂ සිතිවිලි වලට ඇති ඉඩ ඇහිරෙනවා.
යක්ෂ සිතිවිලි මකාගෙන දේව සිතිවිලි මතු කර ගත්තොත් අර ධම්මචක්ක සූත්‍ර දේශනාවෙහි සඳහන්
අයුරින් සම්පූර්ණයෙන්ම පිරිසුදු වූ ‘බ්‍රහ්ම’ කියන තැනට යන්නට පුළුවන් වේවි. නැතිනම් මේ සූත්‍ර
දේශනාවේ සඳහන් වන අන්දමට අමනුෂ්‍ය, යක්ෂ, පේ්නරත, කුම්භාණ්ඩ, කියන සිත් වලින් සතර
අපායට යන පාර කපාගන්නත් පුළුවනි. ඒනිසා විය යුත්තේ මේ සූත්‍ර දේශනාව මෙලොවටත්, පරලොවටත්
සැනසිල්ල අර්ථය පිණිස වන තථාගතයන් වහන්සේ දේශනා කළ අයුරින් පිළිපැදීමයි.
අමනුෂ්‍යයන් ඉන්නවා නම් යනවා
කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නාහිමි
පැහැදිලිවම ආටානාටිය සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කළේ අමනුෂ්‍යයින්ගෙන් වන උපද්‍රව වළක්වා
ගැනීම සඳහා භික්ෂූ භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසගේ් ආරක්ෂාව උදෙසා තමයි.
සති පිරිත් දේශනා වලදීත් භික්ෂූ භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසකගේ ආරක්ෂාව
සඳහා ආටානාටිය සූත්‍ර දේශනාව පවත්වනු ලබනවා.
ඉතින් අමනුෂ්‍ය කොටස් ඉන්නවානම් ඊට පස්සේ ඒ ස්ථානයෙන් ඉවත්වෙලා යනවා. බුදුරදුන්ගේ අණට
කීකරු වෙන අමනුෂ්‍ය කොටස් ඉන්නවා. කීකරු නොවන අයත් ඉන්නවා. බුදුහාමුදුරුවන්ගේ කාලයේත්
යකුන්ගෙන් සිව්වනක් පිරිසටම විවිධ කරදර බාධක පැමිණ තියෙනවා. අමනුෂ්‍යයින් එදා ඔය නන්ද කියන
හාමුදුරුවන්ට ‘ටොකු’ ඇනලත් තියෙනවා.
ඉතින් ඔය වගේ් එදා අමනුෂ්‍යයින්ගෙන් විවිධ උපද්‍රව ඇතිවී තිබෙනවා. කරණීයමෙත්ත සුත්‍රය දේශනා
කළෙත් ආරක්ෂාව පතා තමයි. ඉතින් එදා සිව්වනක් පිරිසක් අමනුෂ්‍යයින්ගෙන් වූ විවිධාකාර උපද්‍රවයන්
ආටානාටිය සූත්‍රය දේශනා කළායින් පසු දුරු වී ගොස් තිබෙනවා. ඒ නිසා මේ සූත්‍රය දේශනා කිරීමෙන්
කරදරකාරී අමනුෂ්‍යයින් ඉවත් වනවායැයි හිතන්න පුළුවන්.
0 comments:
Post a Comment