Slide # 1

Slide # 1

The McLaren P1 is a limited production plug-in hybrid sportscar by British automotive manufacturer McLaren Automotive Read More

Slide # 2

Slide # 2

The Land Rover Defender is a British four-wheel-drive off-road utility vehicle developed from the original Land Rover Series launched in 1948. In October 2013 Land Rover announced that production would end in December 2015, after a continuous run of 67 years Read More

Slide # 3

Slide # 3

The BMW i8 is ready to revolutionise its vehicle class.The strength of the plug-in hybrid lies, among other factors, in the perfect synchronisation of electric motor and combustion engine Read More

Slide # 4

Slide # 4

Mercedes AMG High Performance Powertrains is a British Formula One engine manufacturer, owned by Mercedes-Benz. Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

PaidVerts

Wednesday, December 11, 2013

වැඩ කරන්නෙ නැති Hard Drive එක නැවත පන ගන්වමු

Hard Drive එකක සාමාන්‍ය ආයු කාලය අවුරැදු දහයක් විතර, ඒ නමුත් තමා එය පරිහරණය කරන ආකාරය අනුව මෙය අඩු හෝ වැඩි විය හැකියි. ඉතින් අද මම කියල දෙන්න යන්නෙ වැඩකරන්නෙ නැති HDD එකක් කොහොමද නැවත යථා තත්වයට ගන්නෙ කියලා, මෙකට ක්‍රම දෙකක් තියෙනවා,


මම මුලින්ම  කියන්න ඕන දෙයක් තමයි HDD එකෙ දෘඩ තටි වලට හානි නොවී තිබෙන  එකකට තමයි මෙ ක්‍රම ගලපෙන්නෙ,

1. HDD එකෙ Logic Crad(Circuit Board)එක මාරු කිරීම


මෙසේ කලහැක්කෙ HDD එකෙ Logic Card දෝශයක් අැති වූ විට පමනි,  කලයුත්තෙ HDD එක ගෙන එහි Logi Card එක පරිස්සමින් ගලවාගන්න ,ඉන් පසු ඔබ ලග ඇති හොද Logic Card එක නැවත සවි කරන්න, මේ සදහා එම Logic Card එකෙ වර්ගයේම එකක් විය යුතුය.



2.ශීතකරණයේ තැබීම


විශේශයෙන් මෙය කිරීමට් ප්‍රථමව ඔබගේ HDD එක හොදින් ආවරනය කල යුතුය. ඒ සදහා ඉටි මල්ලක් හෝ හොදින් Seal වන ප්ලාස්ටික් කවරයක් යොදා ගත හැක.මුලින්ම මම ඉහත කී ආකාරයට් ඔබගෙ HDD එක ආවරනය කරගන්න. ඉන්පසු ඔබගේ නිවසෙ ඇති ශීතකරනයේ යට් කොට්සේ පැයක් පමන එය තබන්න.ඉන් පසු ඉවතට් ගෙන නැවත පරිගනකයට් සවි කර බලන්න, ඔබගේ HDD එක යථා තත්වයට්  පැමින තිබේවි..

Tuesday, December 10, 2013

තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පල දුන් පුර්වයේ කරන ලද කර්ම 12

තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පුර්වයේ කරනලද කර්ම 12ක් බුදුවූ පසුද විපාක දුන් බව,එක්තරා දිනක හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් හික්ෂුන් හමුවේ වදාළ සේක.පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව එය මෙසේය,


1.සුන්දරී පරිබ්‍රාජිකාව විහාරයට එනයන ගමන හේතුවෙන් විශාල අපවාදයක් ගොඩනැගින, මීට හේතුව නම් පෙර මුනලීදුර්තකව සිටියදී සරබූ නම් පසෙ බුදුරජුන්ට කල දෝෂාරෝපණය විය

2.පෙර ලොවපහල වූ සබ්බාබිබු නම් බුදුරජුන්ගෙය් නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමබෝගියා ලෙසින් දොස්නැගීම තුලින් සරාසංඛ්‍යෙ කල්ප ලක්ෂයට පෙරකළ කර්මය බුදුවූ පසු මෙසේ විපාක දුනි,බඩදරු අම්මා කෙනෙකු ලෙසින් පැමිණි චිංචිමානවිකාව හේතුකොට මහත් අපවාදයකට ලක්විය,

3. පසු කලෙක සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ලග වලලා බුදුරජුන් ඇයව දුෂණය කොට මරා සගවන ලද්දෙය් යයි දැඩි දෝෂාරෝපණයක් පැන නැංවීය,එය සති 7 වනතුරු පැවති පසුව සත්‍යය එළිවිය,පෙර බවයේ භීම නම් සෘෂින් වහන්සේට බැණ වැදීම හේතු විය,

4.වස්තු තණ්හාවෙන් බෝසතාණන් වහන්සේ තම සොහොයුරා කන්දකින් පහලට තල්ලුකර ගලක් ද පෙරලා මරා දැමුවේය,මීට සසරෙහි බොහෝ දුක්විද අවසනයේ බුදුවූ පසු දෙව්දත්තෙර ගල්පෙරළු පසු ගල් පොත්තක් වැදී තුවාල විය,

5.බෝසතුන් දිනක් කුඩා ලමයකුව සිටියදී පසේ බුදු කෙනෙකු දැක ගලකින් ගැසිය,මෙයට විපාකය බුදුවූ පසුවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නැසීමට දෙව්දත්තෙර දුනුවායන් යෙදවිය බව දත යුතුය,

6.පෙර භවයක බෝසතුන් ඇත්ගොව්වකු ලෙස සිටියදී පසේ බුදු කෙනෙකු දැක දුෂිත සිතින් මැරීම සදහා ඇතා මෙහෙය වීය එය සාර්ථක නොවිය,පහත් සිතින්
කල කර්මය නිසා බුදුවූ පසු මත් වූ නාලාගිරි ඇතුන් පැමිණෙන්නට හේතුවිය,

7.දෙව්දත්තෙර පෙරළු ගල් තුලින් ගල්පතුරක් විත් ස්රිපතුලේ වැදී මාපටගිල්ල තැලී ලේ කැටිගැසින. පසුව ජීවක තුමා එය සුවපත් කළේය,මෙසේ ශ්‍රීපතුල පලන්නට සිදුවුයේ,පෙර භවයේ ප්රුතුවිශ්වර රජාව සිටියදී මිනිසකු මරවන ලද පවිනි, 

8.තිලෝගුරු බුදුරජාණන් වහන්සේට තිබු සුව නොවන හිසරදයට හේතුවනම් පෙර කෙවුල් පවුලක ඉපිද තම ඥාතින් බොහෝ මාළුන් ගොඩ දා තිබෙන දැක සතුටු සිනා පල කෙරීම නිසා විය,

9. තිලෝගුරු බුදුරජාණන් වහන්සේට දොළොස්වන වස්කාලයේ දී දානය නොලැබී ගොස් අශ්වයන්ට දෙන යවහාල් වලද ජීවත් වන්නට සිදුවිය, හේතුව නම් පුස්ස බුදුරජාණන් වහන්සේට " ඔබවහන්සෙ මෙය ප්‍රනීත ඇල්හාල් වලදනාවට වඩා යවහාල් වැලදුවනම්" ලෙස දොස් නැගීමෙ විපාකය විය,

10.තථාගතයන් වහන්සේට සුවනොවන කොන්දේ හි ආබාධයක් තිබිණි මෙය ධර්ම දේශනා කරන අතරතුර පැන නැංවුන විට දී සැරියුත් හිමිට එය පවරා විවේක ගන්නට වඩින බව සදහන්වෙ,හේතුවනම් පෙර භවයේ මල්ලව පොර යෝධ‍යෙකුව සිටි අවදියේ විරුද්ධවාදීන් පැමිණි විට ඔවුන් ගෙය් කොන්ද කැඩුව නිසාවෙනි,

11.බුදුරජුනට වැළදුන "ලොබිත පක්කන්දිකා" ( ලේ අතීසාරය) රෝගයට හේතුවනම් පෙර භවයේ වෙදමහතෙකුව සිටියදී සිටුවරයෙකුට බෙහෙත් කර නියමිත මුදල් නොගෙවූ නිසා විරේක බෙහෙත් දී පසුව නියමිත මුදල් ලැබුපසු සුව කළේය,

12.බුදු වීමට සය අවුරුද්දක් දුක්විදීමට සිදුවුයේ පෙර ආත්මයේ ජෝතිපාල නම් මානවකයා ලෙස සිටියදී ගටිකර බමුණා සමගින් කාශ්‍යප බුදුන්ට දොස්කීමේ විපාකය විය,

බුදුන් සැම බලයකින් ඉහල තලයේ සිටිවිට මෙසේ වුනි නම් පෘතග්ජන අප ගැන කවර කතා ද.. එය එසෙය් වුවත් යහපත් ජීවිතයක් ගත කරන්න සියලු දෙනාට තුනුරුවන් සරණයි...!

-උපුටාගැනීමකි-

Sunday, December 8, 2013

අලුත්ම IDM එක Download කරගෙන Patch කරගන්න

IDM එක කියන්නෙ ඉතින් මෙ ‍වෙනකොට් නතුවම බරි දෙයක් ‍වෙලා, මොකද අනෙක් Download Manager වලට් වඩා IDM ගොඩාක් User Friendly වගේම ගොඩක් Speadly Download කරන්නත් පුලුවන් නිසා,ඉතින් මම හිතුව අපෙ යාලුවො ටිකක් අමරුවෙ වැටෙන තැනකට් පිලියමක් කරන්න..





එහෙනම ඔන්න අලුත්ම IDM එක කරගන්නකෝ,

                                                          Download

(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති SKIP AD යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)

දැන් Install කරගන්නකො ,

අපෙ  යාලුවො ගොඩක් අපෙන් අහන දෙයක් තමයි කොහොමද මේක Crack  කරගන්නෙ, එහෙම නැත්නම් මේක Crack වෙන්නෙ නැහැනෙ , හරි ,දැන් මම දෙන්නම බෙහෙත crack කරන්න ගියාමනෙ කට්ටිය එරෙන්නෙ .

එහෙනම අපි Patch කරමු .මෙතන පොඩි සිද්දියක් තියෙන්නෙ ,

මුලින්ම පහත screenshot එකෙ තියෙන විදියට් IDM එක run වෙන එක නවත්වන්න.  කොහොමද එක කරන්නෙ ,Task bar එකෙ IDM icon එක උඩ click කරල Exit ව්න්න.


දන් මෙ link එකෙන් ගිහිල්ල Patch එක Download කරගන්න,

                                                         Download

(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති SKIP AD යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)

දන් Patch එක Open කරගෙන මම Screenshot එකෙ දීල තියෙන විදියට් Patch කියන Button එක උඩ Cick කරන්න
මතක් කරල මේක කරන්න කලින් මම කලින් කිව්ව විදියට් IDM එක run වෙන  එක නවත්වන්න






දන් ඔයගෙ IDM එක සදාකල් ඔයාගෙමයි ........................
@www.nu1nxpress.blogspot.com

                                     

Sri Lanka Traffic Police නීතිය ගැන දැනගත යුතු දේවල්

මම මේ ලිපිය ලියන්න ගත්තෙ ගොඩාක් කට්ටිය නීතිය නොදැන කටයුතු කරල අමාරුවෙ වටෙන නිසා, මොකද ලංකාවෙ නීතියෙ හැටියට මුලින්ම තියෙන්නෙ "නීතිය නොදැනීම සමාවට කරුනක් නොවේ" කියලයි. ඒ වගේම අපෙ කට්ටිය නීතිය අතට ගන්න ගිහිල්ල ලොකු අකරතැබ්බ වලට පත්වෙනව. මේ ඔක්කොටම හේතුව අපි හරිහැටි නීතිය නොදනීම. මම අද මෙ ලිපියෙන් කියන්න යන්නෙ ලංකාවෙ Traffic Police හා සමගාමීව තිබෙන නීති ටිකක්, ඉතින මම හිතනවා  මහමග යන හැමෝම මෙව ටිකක්  දැනගෙන හිටියොත් තමයි හොද.


1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී) 

13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.-උපුටාගනීමකි

ඔබට තවදුරටත් නීතිය පිලිබද දැනගනීමට අවශ්‍ය නමි පහත වෙබඅඩවියට පිවිසෙන්න .

                                                         Law Lanka

(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති SKIP AD යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)

@ www.nu1nxpress.blogspot.com

Saturday, December 7, 2013

ඔක්කොම Drivers එකම තැනකින් හොයාගන්න

ඔයාලට මතකද ? ඉස්සර අපි Computer එක Format කරගත්තම Drivers හොයන්න වටේ යන විදිය, දැන් එහෙම නැහැ ඔක්කොම බඩු ටික එක තැනක තියෙනවා, මෙයා ඔයගෙ Computer එකට ඕනෙ ඔක්කොම Driver install කරල දේවි, 



ඔන්න ගෙනාව හොද බඩ්ඩක් මෙක දාගත්තම Drivers හොයන එක ගේමක්ම නැහැ , වැඩි කතා ඕන නැහැ ඔන්න තියෙනවා link එක Download කරගන්නකෝ......... 

                                             Download කරගන්න 

(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති SKIP AD යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)

දැන් install කරගෙන Scan කරලම බලන්නකො ..........................

ඇති වෙනකම් නොමිලේ SMS යවන්න

හුරේ දැන් ඉතින් කෑල්ලට අති වෙනකම් SMS ගැහුවහැකි, හරි ඔන්න මම ගෙනාව වෙනද වගෙම එලකිරි වැඩ කෑල්ලක්, 
දන් ඉතින් පන යනකම් SMS ගන්න තියෙන්නෙ ඈ :


ලොකු වැඩක් නැහැ ,මම දෙනව ඔයාලට  link එකක්,  ඒකට ගිහින් SMS යවන්න විතරයි තියෙන්නෙ, මුලින්ම කියන්න ඕන අනෙක් Website වල වගෙ මෙකෙ Register වෙන්න ඕන නැහැ. 

මෙ link එකෙන් යන්න ,
                                           
                      මෙතන Click කරන්න

(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති Skip Ad යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)

එතකොට මෙ විදියෙ Website එකකට යනව,


දන් ඔයලා ඕකෙ ඉල්ලල තියෙන විදියට ඒව ටික දීල යටම තියෙන Send Button එක Click කරන්න ,

ඉස්සල්ලම ඔයාගෙ phone එකට එකක් එවල බලන්න, බඩුම තමා..........................................

Friday, December 6, 2013

හැම Video එකක්ම් එකම ප්ලේයරේකින් බලන්න

මෙක තමයි අපි වගෙ තුන්වෙනි පන්තියෙ අය පාවිච්චි කරන සුපිරිම Player එක, ඉතින් තුන්වෙනි පන්තියෙ උනත් අපි ලග අලුත් versio එක තියෙන්න ඔනනෙ, 



මෙතන Click කරන්න ,
                     
                    Download VLC Latest

(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති SKIP AD යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)

දැන් Install කරගෙන බලන්නකෝ...........

ඔන්න මෙතන Skin තියෙනව එකකුත් මෙක දාගත්තම  Windows Media Player එක වගෙ තියෙවි , 

                          VLC Skin

කොහොමද වැඩේ ගොඩ ද ...........?


Thursday, December 5, 2013

Mobile Phone එකෙ GPRS Settings ඔබම සාදාගන්න

ඔයාලට මතකද ඉස්සර අපි GPRS Settingsඉල්ලගන්න   Arcade වලට කතා කරල විදින දුක  Arcade     වල ඉන්න අක්කලට අයියලට ඔන්න මෙක හොද ආරන්චියක් වෙයි



අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ඔයගෙ මොබියිල් ෆොන් GPRS Settings ඔයටම හදාගන්න ක්‍රමය
Arcade             
වල ඉන්න කට්ටිය ඔච්චර අගේ  කර කර තියාගෙනGPRS settingsඔන්න තියෙනව

Airtel Internet Settings

Connection Name : Airtel Live
Data bearer : Packet Data
Access Point Name(APN) : AirtelLive
Authentication: Normal
Homepage: www.nu1nxpress.blogspot.com

Proxy Server Address : 10.200.184.86
Proxy Port : 8080


Mobitel Internet Settings

Connection Name : Mobitel 3G 

Data bearer : Packet data
Access Point Name(APN) : isp
Authentication: Normal
Homepage: www.nu1nxpress.blogspot.com
Proxy Server Address : 192.168.050.163
Proxy Port : 8080

Dialog Internet Settings

Connection Name : Dialog Kit

Data bearer : Packet Data
Access Point Name(APN) : ppwap
Authentication: Normal
Homepage: www.nu1nxpress.blogspot.com
Proxy Server Address : 192.168.122.002
Proxy Port : 8080

Etisalat Internet Settings

Connection Name : Etisalat

Data bearer : Packet Data
Access Point Name(APN) : wap හෝ  web
Authentication: Normal
Homepage: www.nu1nxpress.blogspot.com
Proxy Server Address : 192.168.104.4
Proxy Port : 9401

Hutch Internet Settings

Connection Name : hutchlanka

Data bearer : Packet Data
Access Point Name(APN) : htwap
Authentication: Normal
Homepage: www.nu1nxpress.blogspot.com
Proxy Server Address : 10.220.135.249
Proxy Port : 8080

උත්සාහ කරලම බලන්න 

සුපිරි Blog Templates ටිකක්

බ්ලොග් ලියන ඔයාල ගොඩාක් කැමති ඔයලගෙ බ්ලොග් එක අනෙක් අය ආකර්ශනය වෙන විදියට ලස්සනට තියාගන්න, ඉතින් මම හිතුව මට හම්බ උනු මෙ blog templates ටික ඔයලටත් දෙන්න.

මුලින්ම මම දීලා තියෙන link එකෙන් යන්න,

                                                         මෙතනින් යන්න

(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති Skip Ad යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)

දන් ඔයලට මෙ වගෙ window එකක් පෙනෙවි,

දැන්ඔයා,ඔයාට කැමති template එක උඩ ක්ලික් කරන්න, 
ඊට පස්සෙ පහත screenshot එකෙ තියෙන් විදියට click කරපු  template එක  open වේවි.
මෙ template එක zip file එකක් විදියට Download  කරගනීමට දැන් ඔයට පුලුවන්, download button එක click කරන්න.

Download කරගත්ත zip file  එක open කරගන්න, එකෙ තියෙන්ව XML file එකක්, දන් එක open කරගෙන එකෙ තියෙන code එක සම්පූර්නයෙන්ම copy කරගන්න.

දැන් ඔයාලගෙ බ්ලොග් එකට යන්න,  Templates>Edit HTML ගිහිල්ල, එකෙ තියෙන code එක සම්පූර්නයෙන්ම delete කරන්න.

ඊට පස්සෙ ඔයාල අර Download කරගත්ත XML file එකෙන් copy කරගත්ත code  එක එතන paste කරල save කරගන්න.

හරි වැඩෙ ගොඩ , දන් ඔයාගෙ බ්ලොග් එකට ගිහින් බලන්න. 

මෙ තියෙන්නෙ තවත් එ  වගෙ Template තියෙන Website ටිකක් 

1.  Bloggertemplatesblog
2.  Bloggertemplatesfree
3.  Premiumbloggertemplates
4.  Besttheme

(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති Skip Ad යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)

මෙ website වලත් ලස්සන Blog Templates තියෙනව ගිහිල්ල බලන්න, 

comment එකක් දාල යන්න අමතක කරන්න එපා.......  

Tuesday, December 3, 2013

Blog එකට Add දාල සල්ලි හොයන්න

ඔන්න අද ගෙනාව අපි ඔක්කොම ගොඩ යන ක්‍රමයක්. Add ක්ලික් කරල සල්ලි හොයන එක boring කියල මමත් දන්නව, මොකද එ site වල add එකක් click කලම පොඩි ගානක් තමයි හම්බ වෙන්නෙ, හොදයි එ ක්‍රමය ගන පට්ට විස්තරයක් මම පස්සෙ දෙන්නම්, දන් අපි බලන්න යන්නෙ add දාල සල්ලි හොයන ක්‍රමයක්, අපිට මුලින්ම පොඩි සයිට් එකක register වෙන්න ඔනෙ, මෙක add දාන්න තියෙන හොද සයිට් එකක් මෙකෙන් හොද ගානක් හොයන්නත් පුලුවන්.... ඉස්සල්ලම මෙතන තියෙන එක කරල වෙන්නකො..... දැන් එකේ MANAGE BIDVERTISERS/Add new BidVertiser ගිහින් Add new BidVertiser under a new domain මේකට click එකක් දන්න මෙන්න මේ විදියට එය් දැන්



get add code click කරලා code එක copy කරගන්න දැන් ඔය code එක layout/ add gadget /htmljava script දැන් එක paste කරලා save කරන්න...

Sunday, December 1, 2013

ගේමක් නැතුව ‍Web Page එක PDF කරගන්න

ඔන්න ගෙනාව සුපිරි වැඩ කෑල්ලක්,  එක එක Software කෑලි දම දමා මොකට්ද දුක් විදින්නෙ, Online ඉදලම Webpage එක PDF file එකකට් Convert කරගන්න. 

මුලින්ම මෙතනින් යන්නකො.......... 



                 Click කරන්න





(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති Skip Ad යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)

දැන් මෙ විදියෙ window එකක් ඔයලට් දකින්න ලබෙයි .


ඊට් පස්සෙ Convert to PDF Button එකට් ඉස්සරහයින් තියෙන කොටු‍ව් Click කරන්න, දැන් ඔයාලට් PDF එකකට් Convert කරන්න ඔන Web page එකෙ URL එකෙ කොපි  කරගෙන අවිත් ඒ කොටුව් Paste කරන්න, මීලගට් Convert to PDF Button එක Click කරන්න. Web Page එක PDF එකකට් Convert උනාට් පස්සෙ මෙ වගෙ screen  එකක් ඔයාලට් දකින්න ලැබෙයි.


ඔන්න දැන් වැඩෙ ගොඩ, Download කරගන්නකෝ..........,   
Comment එකකුත් දාලම යන්න............. 

Facebook එක නව පෙනුමකින් බලන්න

මම දන්නවා එදා ඉදල තියෙන Facebook Defualt Theme එක දැකල දැකල ඔයලට එපා වෙල කියලා,  ඔන්න බලන්නකො මම ගෙනවා නියම Theme වගයක්, හැබැයි ඔන්න මෙව දාගත්ත කියල එකෙ බුදියගන්නව එහෙම නෙව්යි ඔන්න,,


මුලින්ම මම දීලා  තියෙන link එකෙන් යන්නකො............  
                                                   
                                                  Click කරන්න

(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති Skip Ad යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)

ඊට් පස්සෙ මෙ වගෙ window එකක් දකින්න ලැබෙයි එකෙ මම කොටු කරල තියෙන Free කියන තැන Click කරන්න,



එහෙම කලාම Pop-up menu එකක් එවි Confirm new app කියල එක Add කරගන්න. දැන් මෙ විදියට්  එන window එකෙ Facebook icon උඩ Click කරන්න. 



එතකොට් ඔයලට් දකින්න ලැ‍බෙයි Installed සහ Explore කියල Button දෙකක්, Explore Button එක Click කලාම ඔයාට් මෙ විදියට් අලුත් ගොඩාක් FB Themes ලැබෙයි. ඔයලා කැමති එක දැන් දාගන්න... 


ඔයට් අයමත් Facebook Default Theme එකට් යන්න ඔන නම්, Installed කියන Button එක Click කලාම ඔයා Install කරගත්ත Themes දකින්න ලැබෙයි, එව Disable හො Delete කරන්න, එතකොට් නැවතත් Default theme එක එවි..



වැඩෙ ගින්දර නෙ,   comment එකකුත් දාලම යන්න............................. 







Saturday, November 30, 2013

කිසිම Software එකක් නැතුව Youtube Video බාගන්න

මෙන්න ගෙනව සුපිරි බඩ්ඩක්,  දැන් ඉස්සර වගෙ එක එක software කෑලි  දම දමා දුක් විදින්න ඔන නැහැ, දැන් ඔයාලට තියෙන්නෙ  කොපි ‍පේස්ට කරන්න විතරයි, ඔන්න බලන්නකො වැඩෙ කොහොමද  කියල........


ඉස්සල්ලම මම මෙ දීලා තියෙන link එකෙන් website එකට යන්න..

                                  මෙතන click කරන්න

(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති Skip Ad යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)

ඊට පස්සෙ එකෙ Download Button එකට ඉස්සරහ තියෙන කොටුවෙ ඔයලට Downoal කරගන්න ඔන Youtube video එකේ link එක copy කරගෙන ඇවිත් paste කරන්න, මම Screenshot එකකුත් දීල තියෙනව ඔන්න.. 




දැන් Download  කියන තැන click කලාම ඔයාලට් පෙනෙවි මෙ වගෙ List එකක් මම ඒක රතු  පාටින් කොටු කරල තියෙනවා 



දැන් ඔතනින් ඔයලට ඕන Video quality එක තොරන්න

ඊට පස්සෙ ඕන video එක download වෙවි,  ඒක  හරිම සිම්පල්  ප්ලෑන් එකක්............................නැවත හමුවෙමු.....!  මම නුවන් සංජීව.......









Register වෙන්න ගියාම කටිටිය එරෙන තැනට මෙන්න පිලියම

Register වෙන්න ගියාම කටිටිය එරෙන තැනට මෙන්න පිලියම




මෙ වෙනකොට ඔයාල website සිය ගනනක Register වෙලා ඇති ඒ වගේ ම ඔයාලා දැකලා ඇති සමහර web site වල Register වෙන්න ගියාම Postal Code කියලා එකක් ඉල්ලනවා. ඉතින් අපෙ යාලුවො ගොඩක්, මෙ‍ වෙලාවට වැඩෙ අත හැරලා දානවා. ඔන්න අදින් පස්සෙ අවුලක් නෑ මෙතන තියෙනව ලංකාවෙ ඔන post office එකක එකක්
                                     
  Colombo             Ampara               Matara
  Gampaha             Anuradhapura     Hambantota
    Kaluthara            Polonnaruwa       Badulla
    Kandy                                   Kurunegala          Monaragala
    Matale                 Puttalam              Jaffna
    Nuwaraeliya        Rathnapura          Mannar
    Batticalo              Kegalle               Mullaitivu 
    Trincomalee         Galle                  Vavuniya
 
     (මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති Skip Ad යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)                                                     
                                                       

Friday, November 29, 2013

Serial Key හොයන්න ලේසිම විදිය

අද වෙන විට Serial Key හොයන්න විවිධ මෘදුකාංග සහ තවත් නොයෙකුත් විධි තිබෙනවා. මම මෙ කියන්න යන විදියත් ඉතාමත් ලේසියෙන් ම මෘදුකාංගවල Serial Key හොයාගන්න පුලුවන් විදියක්, වැඩි කතා ඔන නැහැ අපි වැඩෙට බහිමු.





හරි එහෙනමි මුලින්ම මම මෙ දීලා තියෙන link එකෙන් google එකට යන්න,

                                 මෙතන Click කරන්න

(මම වෙබ්අඩවියේ Link එකක් Click කල පසු දිස්වන වෙබ්පිටුවෙ ඉහලින්ම ඇති Skip Ad යන්න Click කල පසු ඔබෙ  අවශ්‍යතාවය ඉටුවනු ඇත එසේ නොවේ නමි වහාම අපට දැනුමිදෙන්න)

ඊට පස්සෙ ඔයාලට serial key එක හොයාගන්න ඔන Software එකේ නම type කරලා ඒ නමට පස්සෙන් මම පහත දීලා තියෙන විදියට මෙ Code එක type කරලා Search කරන්න,

CODE එක තමයි =  94fbr

උදාහරණ =  Nero 8 94fbr

එහෙම කරලා search කරපුවහම මෙන්න මෙ විදියට ගේමක්ම නැතුව Serial Keyඑක හොයාගන්න පුලුවන්

මම කොටු කරලා තියෙන්නෙ Serial key එක







Thursday, November 28, 2013

තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ අමතන නමි

                        සාධු..! සාධු..! සාධු..!



තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුරජාණන් වහන්සේ අමතන නාමයන් රැසක් තිබෙනවා.
මම හිතනවා ඔයාලගෙ දැනුමට මෙම ලිපිය ගොඩක් වැදගත් වෙයි කියලා.

01) බුද්ධෝ - චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින් බුද්ධෝ නම් වන සේක.

02) දසබලො - බල දහයක් දරණ බැවින් දසබල නම් වේ.

03) සත්ථා - සියලු දෙව් මිනිසුන්ගෙ ගුරුවරයා වන බැවින් සත්ථා නම් වන සේක.

04) සබ්බඤ්ඤු - ලෝකයේ සියල්ලම අවබෝධ කළ බැවින් සබ්බඤ්ඤු නම් වේ.

05) දීපදූත්තම - දෙපයින් ඇවිදින සතුන් අතර අග්‍ර වූ බැවින් දීපදූත්තම නම් වේ

06) මුනිද්‍රො - සියලු මුනිවරුන්ට අග්‍ර ප්‍රධාන වු බැවින් මුනිද්‍රො නම් වේ.

07) භගවා - සියලු භග්‍ය ධර්මයන්ගෙන් යුක්තවු බැවින් භගවා නම් වන සේක.

08) නාථො - සියලු සතුන් වෙත පිහිට වූ බැවින් නාථො නම් වන සේක.

09) චක්ඛුමා - ලෝකයේ සත්‍ය පෙනෙන බැවින් චක්ඛුමා නම් වේ.

10) අංගීරසො - ශරීරයෙන් ‍රැස් විහිදෙන බැවින් අංගීරසො නම් වේ.

11) මුනී - තිදොරින් උපදින කෙලෙස් නැසු බැවින් මුනී නම් වේ

12) ලෝකනාථො - කාම,රූප,අරූප යන තුන්ලෝ වැසියන්ට පිහිට වූ බැවින් ලෝකනාථ නම් වේ.

13) අනධිවරෝ - ලැබිය යුතු සියලු ධර්මයන් අවබෝධ කළ බැවින් අනධිවර නම් වේ.

14) මහෙසී - මහා ඍෂිවරුන් අතර අග්‍ර ප්‍රධාන බැවින් මහෙසී නම් වන සේක.

15) විනායක - ශ්‍රේෂ්ඨ හික්මීමක් (විනය) ඇති බැවින් විනායක නම් වේ.

16) සමන්තාචක්ඛු - සියලු ලෝකන්හි තොරතුරු කිසිවක් ඉතුරු නැතිව අවබෝධ කළ බැවින් සමන්තාචක්ඛු නම් වේ.

17) සුග‍තෝ - මිහිරි සුන්දර වූ නිවනට වැඩිය බැවින් සුග‍තෝ නම් ව්න සේක.

18) භූරිපඤ්ඤ - ඉතා සියුම් (මිනිස් ඇසට නොපෙනෙන) දෙය පවා හසුකර ගත හැකි බැවින් භූරිපඤ්ඤ නම් වේ.

19) මාරජි - සියලු මාරයන් පරාජය කර ජය ගත් බැවින් මාරජි නම් වේ.

20) නරසීහ - සියලු මිනිසුන් හට උතුම් බැවින් නරසීහ නම් වේ.

21) නරවරෝ - සියලු මිනිසුන් අතර උතුම් කෙනෙක් (බුදුන් වහන්සෙට සමාන) නොමැති බැවින් නරවරෝ නම් වේ.

22) ධම්මරාජා - සියලු ගුණධර්මයන්ට රජු වූ බැවින් ධම්මරාජා නම් වේ.

23) දෙවදෙවො - සියලු දෙවියන්ට දෙවි (දෙවියන්ට පිහිට) වූ බැවින් දෙවදෙවො නම් වේ.

24) ලෝකගුරු - සියලු ලෝ වැසියන්ගේ ගෞරව (ගුරු ගෞරව) ලබන බැවින් ලෝකගුරු නම් වේ.

25) ධම්මස්සාමි - සියලු ගුණධර්මයන්හි අග්‍ර ප්‍රධාන බැවින් ධම්මස්සාමි නම් වේ.

26) තථාගත - සසර නොනැවති නිවණට පැමිණි බැවින් තථාගත නම් වේ.

27) සයම්භූ-තමාම සියලු ධර්මයන් අවබෝධ කළබැවින් සයම්භූ නම් වේ.

28) සම්මා සම්බුද්ධ - පංචවිධ ඥෙය්‍ය මංඩලය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ වන සේක.

29) වරපඤ්ඤ - කිසිවකුට සමකල නොහැකි නුවණ දරණ බැවින් වරපඤ්ඤ නම් වේ.

30) අන්නජිත - ජයගත යුතු සියල්ලම ජයගත් බැවින් අන්නජිත නම් වේ.

31) අසමෝ - කිසිවෙකුට සමකළ නොහැකි බැවින් අසමෝ නම් වේ.

32) අස සමෝ - වෙනත් බුදුවරුන්ට පමනක් සමකළ හැකි බැවින් අස සමෝ නම් වේ.

33) අප්පටිමෝ - සියලු ලක්ෂණ ඇතුළත් කර ප්‍රතිමාවක් නොකළ හැකි බැවින් අප්පටිමෝ නම් වේ.

34) අප්පටිභාගෝ-තමන් දෙසු ධර්මය එසේ නොවේ යැයි කිමට කිසිවෙක් නොමැති බැවින් අප්පටිභාග නම් වේ.

35) අප්පටි පුද්ගලෝ - ඔබ බුදුන් නොවේ, මම බුදුවරයායි කීමට කිසිවෙක් නොමැති බැවින් අප්පටි පුද්ගල නම් වේ

36) සෙට්ඨො - සියලු ලෝ වැසියන්ට ශ්‍රේෂ්ඨ වූ බැවින් සෙට්ඨො නම් වේ.

37) ජෙට්ඨො - සියලු ලෝ වැසියන්ට වැඩිමහල්ලා වූ බැවින් ජෙට්ඨො නම් වේ.

38) සත්‍යපුංගව - ශාක්‍ය වංශය බබලවන බැවින් ඒ නම යෙදේ.

39) මායාදෙවිසුභ - මායා දේවියගේ පුතා වූ බැවින් මායාදෙවිසුභ නම් වේ.

40) සමන්තභද්ද - සියලු තැනම යහපත සිදුකරන බැවින් සමන්තභද්ද නම් වේ.

41) නරාසභ - මිනිසුන් අතර ඉපිද මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ බැවින් නරාසභ නම් වේ.

42) ලෝකජින - සියලු ලෝක ජයගත් බැවින් ලෝකජින නම් වේ.

43) ලෝකජි - ජයගත යුතු වෙනත් ලෝකයක් නොමැති බැවින් ලෝකජි නම් වේ.

44) පුරිසධම්මසාරති - පුරිසයන් දමනය කිරීමේ දක්ෂ බැවින් ඒ නම් වේ.

45) ධම්මස්සරෝ - සියලු ධර්මයන්ට ප්‍රධාන බැවින් ධම්මස්සරෝ නම් වේ.

46) අච්චෙජකධජ්ජ වචනො - නොබිඳිය හැකි වචන ඇති බැවින් ඒ නමින් හැඳින්වේ.

47) සත්ථ වාහක - අනේක සත්වයන් සසරින් එතෙර කරන බැවින් සත්ත වාහක නම් වේ.

48) විශුද්ධිදෙව - සියලු කෙලෙසුන්ගෙන් මිදුනු බැවින් ඒ නම් වේ.

49) සමණීස්සර - සියලු ශ්‍රමණයන්ට අධිපති වූ බැවින් සමණීස්සර නම් වේ.

50) ජළභිඤුඤ - සමභිඤු ලැබූ බැවින් ඒ නම යෙදේ.


51) ජනෙසුත - සියලු සත්වයන්ට දෙමාපියෙකු වූ බැවින් ජනෙසුත නම් වන සේක.

52) යතිරාජ - සියලු යතිවරුන්ට රජබැවින් යතිරාජ නම් වේ.

53) ලෝකබන්ධු - සියලු ලෝ වැසියන්ගෙ විස්වාස වූ නෑයා බැවින් ඒ නම් වේ.

54) ලෝකපජේජාත - තුන් ලොවෙහි අඳුර දුරලු පහනක් වූ බැවින් මේ නම් වේ.

55) අමතංදද - නිර්වාණය නැමති අමෘතය සොයාදුන් බැවින් ඒ නම් වේ.

56) සද්ධම්මචක්කවත්ති - සියලු සද්ධර්මයන්ට අණසක පතුරවන බැවින් ඒ නම් වේ.

57) ලෝකදීප - තුන් ලොවට පහනක් වූ බැවින් ඒ නම යෙදේ.

58) නිරුත්තමෝ - කිසිලෙසකින් උතුම් බව නොපිරිහෙන බැවින් ඒ නම යෙදේ.

59) ලෝකත්තයවිදු - තුන්ලොව අඳුර දුරලූ පහනක් වැනිවූ බැවින් ඒ නම යෙදේ.

60) පුරිසත්තම - ලොවට උතුම් ශ්‍රේෂ්ඨ පුරුෂයකුවූ බැවින් මේ නමින් හැඳින්වේ.

61) සච්චදදස - ලෝකයේ සියලු සත්‍ය දු‍ටු බැවින් ඒ නම් වේ.

62) සතප්‍රඤ්ඤ ලක්ඛණ - සියයක් පිං ලකුණු දරන බැවින් ඒ නම යෙදේ.

63) රවිබන්දු - සූර්ය වංශයට නෑයෙක් වූ බැවින් ඒ නමින් හැඳින් වේ.

64) පඤචනෙත්ත - පසැස් ඇති බැවින් පඤචනෙත්ත නම් වන් සේක.

65) සබ්බාහිගූ - සියලු කෙලෙස් මැඩලූ බැවින් ඒ නම යෙදේ.

66) සබ්බාහිවිදු - සියලු නුවණින් පසක් කළ බැවින් ඒ නම යෙදේ.

67) පාරගූ - සසර සයුරෙන් එතෙර වූ බැවින් ඒ නම යෙදේ.

68) සබ්බදස්සාමි - සියලු ධර්මයන් බෙදා දක්වන බැවින් ඒ නම යෙදේ.

69) නරසාරථි - සියලු මිනිසුන් නිවැරදි මාර්ගයෙ යොදවන බැවින් නරසාරථි නම් වේ.

70) තාදී - අටලෝ දහමට නොසැලෙන බැවින් තාදී නම් වේ.

71) විභජජවදි - සියලු ධර්මයන් නිරවුල්ව බෙදා දක්වන බැවින් ඒ නම යෙදේ.

72) මහා කාරුණිකො - සියලු සතුන් හට කරුණා දක්වන බැවින් ඒ නමින් හැඳින් වේ.

73) චක්බුභූතො - සියල්ල දක්නා ඥානය නැමති ඇස ඇති බැවින් ඒ නමින් හැඳින් වේ.

74) ධම්මභූතො - සියලූම ධර්මය අඩු නැතිව දත් බැවින් ධම්මභූතො නම් වේ.

75) ඤාණභූතො-සියලු ඤාණයන් අඩු නැතුව දත් බැවින් ඒ නමින් හැඳි වේ.


76) පුරිසාදඤ්ඤ - මිනිසුන් අතර දුර්ලභ උපතක් නිසා ඒ නම යෙදේ.

77) මාරභඤ්ජන - සියලු මාර බලයන් බිදලූ බැවින් ඒ නමින් හැදින් වේ.

78) අමෝඝවචන-කිසි දිනෙක හිස් වචන නොකියන බැවින් ඒ නම යෙදේ.

79) අකණිට්ඨක - කිසිවකුට බාල නොවන බැවින් අකණිට්ඨක නම් වේ.

80) ගුනාකාර - සියලු ගුන මතු කෙරෙන ආකාරය බැවින් ඒ බැවින් හැදින් වේ.

81) තිකාලවිදූ - තුන් කාලයම අවබෝධ කළ බැවින් ඒ නම් වේ.

82) වීතරාගෝ - සියලූම ගුන ඇති බැවින් වීතරාගෝ නම් වේ.

83) චීතදෝසෝ - සියලු ද්වේෂයන් පහ කළ බැවින් චීතදෝසෝ නම් වේ.

84) චීතමෝහෝ - සියලු මෝහයන් පහ කළ බැවින් ඒ නමින් හැඳින් වේ.

85) නිකලෙසී - කිසිදු නොමැති බැවින් නිකෙලෙසී නම් වේ.

86) ශාක්‍ය මුනි - ශාක්‍ය වංශයේ උපත වූ ඍෂි වරයානන් බැවින් ශාක්‍ය මුනි නම් වේ.

87) ගෞතම - බුදුවූ නාමය ගෞතම නම් වේ.

88) සිද්ධාර්ථ - අර්තයක් සිද්ද කරණ බැවින් සිද්ධාර්ථ නම් වේ.

89) මහා වීර - තුන් ලෝව ඇතුලු සියල්ලම දිග් විජය කළ බැවින් මහා වීර නම් වන සේක.

90) භාග්‍යවතුන් වහන්ස - සංසාරයෙන් මිදිමට හැකි භාග්‍ය තිබුන බැවින් ඒ නමින් හැදින් වේ.

91) බුද්ධවීර - සියලු මාරයන් පරාජය කර බුදුවු බැවින් ඒ නම යෙදේ.

92) ශාක්‍යසිංහ - යමහ මහ පෙළහර පැමෙන් ශාක්‍යන් දමනය කිරිම නිසා ඒ නමින් හැඳින්වේ.

93) සර්වඥ - ගුරුවරයකු නොමැතිව තමා විසින්ම ධර්මය අවබෝධ කරගැනිම නිසා ඒ නම් යෙදේ.

94) ජින - ලෝකය දිනූ බැවින් ජින නම් වේ.

95) තිලෝගුරු - බ්‍රහ්ම,දේව,මනුස්ස යන තුන් ලෝකයේහිම ගුරුවරයා බැවින් ඒ නම යෙදේ.

96) අමාමෑණි - මවක් තම එකම පුතුට දක්වන සෙනේහස මෙන් ලෝවැසියාට පිහිටවන බැවින් ඒ නම යෙදේ.

97) බුදුපියානන් - පියකු තම දරුවන්ට ‍රැකවරනය සලසන මෙන් ලෝවැසියන්ට ‍රැකවරනය සැලසු බැවින් ඒ නම යෙදේ.

98) ශ්‍රමණ ගෞතම - ගෞතම නාමයෙන් තපස් දිවියක් ගත කළ නිසා ඒ නම යෙදේ.

99) භවත් ගෞතම - නිවනට පැමිනි වාසනාව (භාග්‍ය) තිබු බැවින් ඒ නම යෙදේ.

100) අජරාමර ලෝක නාථ - සංසාරය නැමති ජරා මරණයෙන් සදහටම මිදි,