SAMSUNG ORIGINAL KOREAN දුරකතනයක් හඳුනාගන්නේ කෙසේද?
ශ්‍රි ලංකාවේ ටික දෙනෙක් නම් මේ ගැන දන්නවා. එත් ගොඩක් අයට Samsung Korean version දුරකතන ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. ඒ අය හිතන්නේ කියන්නේ Korean version, International version එකේ copy (replica) එකක් කියල. සමහර අය Korean version එකට Anycall කියලත් කියනවා.
දැන් අපි බලමු මොනවද මේ Korean version කියලා
මුලින්ම කියන්න ඕනේ Original Samsung වල version කීපයක් තියෙනවා.
Model No. එකෙන් හඳුනා ගන්න පුලුවන්, දුරකතනය අයිති වෙන්නේ මොන version එකකටද කියලා.
International version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්,
GT-iXXXX
Korean version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්
SHW-MXXX/ SHV-EXXX
US/Canada version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්
SGH-iXXX
Japan version එකක Model No. එක වෙන්නේ මේ වගේ එකක්
SC-XXX
මේ හැම එකක්ම original Samsung . ඒත් අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නේ international version විතරයි Original කියලා.
South Korean වල Network provider company 3 ක් තියෙනවා. (හරියට අපේ රටේ Dialog Telekom, Mobitel, Airtel, Hutch, Etisalat වගේ).
ඒ company තුනෙන්ම තමයි ජංගම දුරකතන දෙන්නෙත්. මොනවද ඒ company????
SK Telecom
Korean Telecom
LG U+ Corporation
SK Telecom company එකෙන් තමයි Anycall (ශ්‍රි ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි)
දුරකතන නිකුත් කරන්නේ
Korean Telecom compnay එකෙන් තමයි Olleh දුරකතන නිකුත් කරන්නේ
LG U+ company එකෙන් තමයි LG U+ දුරකතන නිකුත් කරන්නේ
බොහොමයක් Korean version දුරකතන boot වෙනකොට මේ කියන Anycall, Olleh, LG U+ logo එක display වෙනව.
Anycall
Olleh
LG U+
සමහර දුරකතන වල back cover එකෙත් මේ logo එක තියෙනවා (උදා: Samsung Galaxy S2)
එහෙම නැත්නම් Model No. එකෙනුත් දුරකතනය අයිති මොන වර්ගයටද කියලා හඳුනාගන්න පුලුවන්. Model no. අගට S තියෙන්නේ Anycall , K තියෙන්නේ Olleh , L තියෙන්නේ LG U+ .
Korean version දුරකතන වල model no. වෙන්නේ SHW, SHV කියලා එන ඒවා පමණයි.
3G තියෙන ඒවා SHW වලිනුත්, 4G Lte තියෙන ඒවා SHV වලිනුත් තමයි එන්නේ.
උදාහරණ
S >>> SHW-M110S
S2 >>> SHW-M250S, SHW-M250K
S2 Lte >>> SHV-E110S, SHV-E110K, SHV-E110L
S2 HD Lte >>> SHV-E120S, SHV-E120K, SHV-E120L
S3 >>> SHW-M440S, SHW-M440K
S3 Lte >>> SHV-E210S, SHV-E210K, SHV-E210L
S4 Lte >>> SHV-E300S, SHV-E300K, SHV-E300L
S4 Lte-A >>> SHV-E330S
Note Lte >>> SHV-E160S, SHV-E160K, SHV-E160L
Note2 Lte >>> SHV-E250S, SHV-E250K, SHV-E250L
ඉතාම වැදගත්:
SHW හෝ SHV වලින් Model no. පටන් ගන්නේ නැතිනම් එක original korean version එකක් නෙවෙයි.Original Korean දුරකතනවල Ariel එකක් තියෙනවා. Ariel එක Original Korean එකක් හඳුනාගන්න
තියෙන හොඳම ක්‍රමයක්.Original Korean දුරකතනවල බැටරි එක අයින් කලාම housing එකේ අලවලා තියෙන sticker එක Korean භාෂාවෙන් තියෙන්නේ. අපිට කියවා ගන්න පුලුවන් ඉලක්කම් විතරයි.Korean version එක හදන්නේ ඒ රටේ අයට පාවිච්චි කරන්න. අපේ රටේ තේ බොන විදියට නෙවෙයි කොරියානුවෝ phone හදන්නේ. ඒ කිව්වේ අපේ රටේ ලෝකෙන්ම හොඳම තේ (Ceylon Tea) නිෂ්පාදනය කලාට අපි බොන්නේ කසල තේ (Dust). එත් කොරියානුවෝ එහෙම නැහැ. ඒ අයගේ රටේ අයට පාවිච්චි කරන්න ඒ අය හොඳම තත්වයේ phones තමයි හදන්නේ.
අපේ රටේ තියෙන international version දුරකතන හදන්නේ China හෝ Vietnam වල. Chinese නිෂ්පාදන ගැන ඉතින් අපේ අයට අමුතුවෙන කියන්න ඔනේ නැහැනේ.ප්‍රවේසම් වෙන්න.
අද ලංකාවේ S4 එකයි, Note3 එකයි brand-new කියලා 15,000-20,000 විකුණන්න ඕන තරම් ads දාලා තියෙනවා ikman.lk එකෙයි, Facebook groups වලයි. අපේ අයත් ඕන තරම් දැකල ඇතිනේ.
ඒවා විකුණන්නේ "Made by Samsung by Korea" හෝ "Made by Samsung by Vietnam" කියලා. ඒත් මේ එකක්වත් හදන්නේ Korean වලවත්, Vietnam වලවත් නෙවෙයි, China වල.මේවා Original දුරකතන නෙවෙයි බාල Copy (Replica).
ගොඩක් වෙලාවට ව්‍යාජ අනුකරණ ඒවායේ මිලෙනුත් අපිට හදුනාගන්න පුලුවන්.මොකද Galaxy S5 වගේ original phone එකක් රු 12000 ට වගේ ගන්න තියෙනව කීවොත් හීනයක්නෙ...
මම හිතනව අද ඔයාල ගොඩක් දේවල් දැනගන්න ඇති Korean Phone ගැන.මම ගිහින් එන්නම්,ආයෙත් දවසක අලුත් දෙයක් අරගෙන එන්නම්...........
0 comments:
Post a Comment